ශවේන්ද්‍ර, වසන්ත කරන්නාගොඩ ඇතුළු පිරිසකට එක්සත් රාජධානියෙන් සම්බාධක.!

ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අතරතුර මානව හිමිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු බවට පවසමින් ශ්‍රී ලාංකිකයින් සිව්දෙනෙකුට එක්සත් රාජධානිය විසින් සම්බාධක පනවා තිබේ.

හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ, හිටපු යුද හමුදාපති ජෙනරාල් ජගත් ජයසූරිය යන අයට මෙලෙස සම්බාධක පනවා ඇති බව වාර්තා වේ.

ඊට අමතරව එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු නායකයෙකු වන විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්ට ද එක්සත් රාජධානිය විසින් සම්බාධක පනවා තිබේ.

ඒ අනුව අදාළ පුද්ගලයින්ට එක්සත් රාජධානියේ සංචාරය කිරීම තහනම් වන අතර එරට තුළ වත්කම් රැස්කිරීම ද තහනම් වනු ඇත.

ඔවුන්ට එක්සත් රාජධානිය තුළ වත්කම් ඇත්නම් ඒවා ද තහනම් වන බව එරට රජය දැනුම් දී තිබේ.

ශ්‍රී ලංකාවේ පැවති සිවිල් යුද්ධය අතරතුර නීතිවිරෝධි ඝාතන ඇතුළු මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනාවලට මෙම සම්බාධක පනවා ඇති බව එක්සත් රාජධානියේ රජයේ නිල වෙබ් අඩවිය වාර්තා කර ඇත.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *