මන්ත‍්‍රීවරයෙකු අත්අඩංගුවට ගන්නැයි නියෝග.!

වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර මහාධිකරණ විනිසුරු ලක්මාලි හේවාවසම් මෙනවිය නියෝග කර ඇත.

ඒ යුද්ධය පැවැති සමයේ ශ්‍රී ලංකාවේ තොරතුරු නීති විරෝධී අයුරින් ඉන්දියානු නිල නොවන මාධ්‍යයකට මුදා හැරීම සම්බන්ධයෙන් අනුරාධපුර මහාධිකරණය හමුවේ පවතින නඩුවකට පෙනී නොසිටීම හේතුවෙනි.

විත්තියේ නීතිඥයා අධිකරණයට සඳහන් කළේ ඉන්දියාවේ පැවැත්වෙන උත්සවයකට ලද ආරාධනාවකට අනුව අඩෙක්කලනාදන් ඉන්දියාව බලා ගොස් ඇති බවය.

එනිසා ඔහුට අධිකරණයේ පෙනී සිටිය නොහැකි බවත් මීළඟ නඩු දිනයේදී අධිකරණයේ පෙනී සිටීමට සුදානමින් සිටින බවත් දැනුම් දුන්නේය.

නමුත් එම හේතූන් ප්‍රතික්ෂේප කරමින් මහාධිකරණ විනිසුරු නියෝග කලේ මන්ත්‍රීවරයා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *