නරේන්ද්‍ර මෝදි අප්‍රේල් 5දා දිවයිනට.!

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ලබන අප්‍රේල් 5 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අනාවරණය කළේය.

ඊයේ පාර්ලිමේන්තුව අමතමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කරනු ලැබුවේ, සාම්පූර් බලාගාරයේ ඉදිකිරීම් කටයුතු ඒ සමගම ආරම්භ කිරීමට නියමිත බවයි.

රටේ ස්ථාවරත්වය හේතුවෙන් විදේශීය රාජ්‍ය නායකයකු මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණෙන බව ද ජනාධිපතිවරයා පැවැසීය.

මාස දෙකක් ඇතුළත සියඹලාණ්ඩුවේ නව සූර්ය බලාගාරයක් සහ මන්නාරමේ මෙගාවොට් 50 ක නව සුළං බලාගාරයක් ඉදිකිරීමට බලාපොරොත්තු වන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ලබන අප්‍රේල් 5 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අනාවරණය කළේය.

ඊයේ පාර්ලිමේන්තුව අමතමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කරනු ලැබුවේ, සාම්පූර් බලාගාරයේ ඉදිකිරීම් කටයුතු ඒ සමගම ආරම්භ කිරීමට නියමිත බවයි.

රටේ ස්ථාවරත්වය හේතුවෙන් විදේශීය රාජ්‍ය නායකයකු මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණෙන බව ද ජනාධිපතිවරයා පැවැසීය.

මාස දෙකක් ඇතුළත සියඹලාණ්ඩුවේ නව සූර්ය බලාගාරයක් සහ මන්නාරමේ මෙගාවොට් 50 ක නව සුළං බලාගාරයක් ඉදිකිරීමට බලාපොරොත්තු වන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *