ජනපති අනුර, මන්ත්‍රී විශ්‍රාම වැටුප එපා කියයි.!

ඊයේ (21) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ තමන් මන්ත්‍රී විශ්‍රාම වැටුප ඉවත් කිරීමට පාර්ලිමේන්තුවට ලිපියක් ලබා දුන් බවය.

මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ඉවත් කිරීම සඳහා පනතක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ගෙන එන බවත් ජනාධිපති වරප්‍රසාද පනත සංශෝධනය කිරීමටත් පියවර ගන්නා බවත් එහිදී ජනාධිපතිවරයා පැවසීය.

“අපි සමහර ඒවා දැන් තමයි දන්නේ. මම ජනාධිපති වුණාම මට විශ්‍රාම වැටුපක් හම්බෙනවා මන්ත්‍රීවරයාගෙන්. ඒ කියන්නේ ජනාධිපති වැටුපට අමතරව මන්ත්‍රීවරයාගේ විශ්‍රාම වැටුපත් හම්බෙනවා. මම අද ලියුමක් දුන්නා මන්ත්‍රී විශ්‍රාම වැටුප් මට එපා කියලා. පටන් ගන්න ඕනේ මේ රට හදන්න. ඇත්තටම මම දැනන් හිටියේ නෑ එහෙම හම්බෙනවා කියලා, පස්සේ තමයි දැනගත්තේ එහෙම හම්බෙනවා කියලා. ඒ නිසා පාර්ලිමේන්තුවට ලියුමක් දුන්නා මට විශ්‍රාම වැටුප එපා කියලා.

ඒ වගේම මන්ත්‍රීවරයා ඇමති වෙනකොට මන්ත්‍රී වැටුපත් හම්බෙනවා ඇමති වැටුපත් හම්බෙනවා. අපි තීරණයක් ගත්තා ඇමතිවරු නියෝජ්‍ය ඇමතිවරු ගන්නේ මන්ත්‍රී වැටුප විතරයි. හැබැයි මන්ත්‍රී වැටුපට ඇමතිවරුන්ට තෙල් දීමනාවක් ලැබෙනවා. මන්ත්‍රී වැටුපේ තෙල් දීමනාවත් අයින් කරලා අපි දෙන්නේ. ඒ වගේම මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුපත් අයින් කරනවා. ජනාධිපති වරප්‍රසාද පනතත් සංශෝදනය කරනවා”

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *