වඩාත් නිපුණතාවයක් සහිත ශ්‍රමිකයින් විදේශ රැකියා සඳහා යොමු කිරීම නව රජයේ අරමුණ බවත්, රැකියා අවස්ථා සියලුම ගම්මාන වලට සමානව ලබාදීමට පියවර ගන්නා බවත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ පවසයි.
එහිදී කිසිදු දේශපාලන මැදිහත්විමක් නොකොට තෝරා ගැනීමේදී පූර්ණ විනිවිද භාවයකින් යුතුව ඔවුන් තෝරා ගැනීමට අවශ්‍ය විධි විධාන යොදා ඇති බව ද ඔහු කියා සිටියේය.
ඊයේ (19) එම කාර්යාංශයේ පැවති උත්සවයකදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ මේ වසරේදි විදේශ රැකියා සඳහා ශ්‍රමිකයන් 344,000 විදේශ ගත කිරීමට බලාපොරොත්තුවන බවය.
ප්‍රතිචාරයක් ලබාදෙන්න