පුංචි ඡන්දයේ නාමයෝජනා භාරගැනීම අදින් අවසන්.!

ඉදිරි පළාත් පාලන ආයතන මැතිවරණයට අදාළ නාමයෝජනා භාරගැනීමේ කටයුතු අදින් (20) අවසන් වේ.

අද මධ්‍යහ්න 12.00න් පසුව නාමයෝජනා භාරගැනීම් සිදුනොකෙරෙන බව මැතිවරණ කොමිසම පැවසුවේය.

පළාත් පාලන ආයතන 336ක් සඳහා නාමයෝජනා භාරගැනීමේ කටයුතු පසුගිය 17 වැනිදා සිට ආරම්භ කෙරුණි.

නාමයෝජනා භාරගැනීමෙන් පසු මැතිවරණය පැවැත්වීමේ දිනය ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

පළාත් පාලන මැතිවරණයට අදාළ ඇප මුදල් තැන්පත් කිරීමේ කටයුතු ද ඊයේ (19) දිනයෙන් අවසන් කෙරුණි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *