දේශබන්දු අද අධිකරණයට.!

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සේවය අත්හිටුවනු ලැබු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද (20) දිනයේ යළි මාතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

දේශබන්දු තෙන්නකෝන්ගේ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් අද පස්වරු 2.00ට මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් තීන්දුව ප්‍රකාශ කිරිමට නියමිත බව වාර්තා වේ.

2023 වසරේ වැලිගම පැලෑන ප්‍රදේශයේ හෝටලයක් අසල සිදුවු වෙඩි තැබීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර සිටි දේශබන්දු තෙන්නකෝන්, දින 20ක කාලයක් සැඟව සිට ඊයේ (19) දිනයේ මෝසමක් ඉදිරිපත් කරමින් අධිකරණයට භාරවුණි.

ඒ අනුව සැකකාර දේශබන්දු තෙන්නකෝන් අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට මාතර මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

අදාළ නියෝගයට අනුව දේශබන්දු තෙන්නකෝන් ඊයේ පස්වරුවේ අගුණුකොළපැලැස්ස බන්ධනාගාරය වෙත විශේෂ ආරක්ෂාවක් යටතේ රැගෙන යනු ලැබීය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *