ජනවාරි,පෙබරවාරි මාස දෙකට සංචාරකයින්ගෙන් රටට ඩොලර් මිලියන 700ක ආදායමක්.!

2025 වසරේ මුල් මාස දෙක තුළ සංචාරක කර්මාන්තයෙන් අමෙරිකා ඩොලර් මිලියන 768.2 ක ආදායමක් උපයා ඇති බව නවතම මහබැංකු දත්ත පෙන්නුම් කරයි.

මෙය පසුගිය වසරේ මුල් මාස දෙක තුළ ඉපැයූ ආදායමට සාපේක්ෂව සියයට 12ක වර්ධනයකි.

එමෙන්ම මෙය, 2020 වසරේ සිට අදාල මාස දෙක සදහා උපයා තිබෙන ඉහළම ආදායමයි.

2025 වසරේ දී සංචාරකයන් මිලියන තුනක් ගෙන්වා ගැනීමටත්, ඉන් එක්සත් ජනපද ඩොලර් බිලියන පහ ඉක්ම වූ ආදායමක් උපයා ගැනීමටත් රජය අපේක්ෂා කරයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *