‘හරක් කටාට’ CID එකෙන් පැනල යන්න උදව් කරපු කොස්තාපල්ට අධිචෝදනා බාරදෙයි.!

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටි ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් ‘හරක් කටා’ නමැත්තාට ඉන් පළායෑමට ආධාර අනුබල දුන් බවට එල්ල වූ චෝදනාව යටතේ ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන රැගෙන එන ලද එම දෙපාර්තමේන්තුවේ සේවය කළ පොලිස් කොස්තාපල්වරයා ඊයේ කොළඹ මහාධිකරණය හමුවට ඉදිරිපත් කෙරිණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන එම සැකකරු ඊයේ එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක හමුවට ඉදිරිපත් කරනු ලැබීය.

ඉන් අනතුරුව අදාළ චෝදනාව සම්බන්ධයෙන් විත්තිකාර පොලිස් කොස්තාපල්වරයාට එරෙහිව අධිචෝදනා පත්‍ර භාරදීම සිදුකර තිබේ.

එම අධිචෝදනා පවරා අදාළ නඩුව පවත්වාගෙන යෑමට ඇති හැකියාව සම්බන්ධයෙන් මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ඔහු වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරු අධිකරණයට දැනුම්දුන්හ.

එමෙන්ම මෙම නඩුවේ තවත් විත්තිකරුවකු වශයෙන් නම්කර සිටින නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් ‘හරක් කටා’ නමැත්තා ද නඩු විභාගය සඳහා අධිකරණයට ඉදිරිපත් කළ යුතු බව එම නීතීඥවරුන් අධිකරණය හමුවේ පවසා තිබේ.

ඉදිරිපත් වූ කරුණු සළකා බලා නඩු විභාගය අප්‍රේල් මස 04 වැනිදා යළි විභාගයට ගැනීමට අධිකරණය නියෝග කර තිබේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *