තැපෑලේ වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවයි.!

ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ තැපැල් වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටවූ බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය පවසයි.

ඉල්ලීම් 7ක් මුල්කර ගනිමින් තැපැල් දෙපාර්තමේන්තුවේ තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය හා ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව පසුගියදා ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් ඊයේ දිනයේදී අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සමග එම සංගම් සාකච්ඡාවක් පැවැත්වීය.

අනතුරුව තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය පැවසුවේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වැඩවර්ජනය අත්හිටවූ බවයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *