ට්‍රම්ප් සහ පුටින් මේ සතියේ හමු වෙති.!

යුක්රේනය සමග සටන් විරාමයක් ඇති කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් මේ සතියේ සිදුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

යුක්රේන ජනාධිපති වොලැද්මීර් සෙලෙස්කි විසින් සදහන් කළ දින 30ක සටන් විරාමය තමා පිළිනොගන්නා බව රුසියානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළ තිබුණි.

යුක්රේනයේ විශාල භූමි ප්‍රමාණයක් රුසියානු හමුදා විසින් අත්පත් කරගෙන ඇති නිසා දැන් යුක්රේන හමුදාවට ඇත්තේ යටත් වීම හෝ මියයාම බවද රුසියානු ජනාධිපතිවරයා පසුගිය දා ප්‍රකාශ කළේය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *