වැලිවේරිය සහ අක්මීමන වෙඩි තැබීම්වල සැකකරුවන් හොයන්න පොලිස් කණ්ඩායම් 7 ක්.!

වැලිවේරිය හා අක්මීමන වෙඩි තැබීම් සිදු කළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පුළුල් විමර්ශන ආරම්භ කර ඇති බව පොලීසිය පවසයි.

ඒ අනුව ඒ සඳහා පොලිස් කණ්ඩායම් 07 ක් පත් කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

වැලිවේරිය අරලියගස්දෙක හන්දිය ප්‍රදේශයේ ඉකුත් 13 දා රාත්‍රි කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලැබු අතර ඔහු මේ වන විට ගම්පහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

ගාල්ල අක්මීමන තලගහ ප්‍රදේශයේ වෙඩි තැබිමෙන් බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ හිටපු සහකාර අධිකාරිවරයෙකු මියගොස් තිබිණි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *