ටෲඩෝ වෙනුවට කැනඩාවට නව අගමැතිවරයෙක්!

කැනඩාවේ නව අගමැති ලෙස මාර්ක් කාර්නි දිවුරුම් දී තිබේ.

ඒ ජස්ටින් ටෲඩෝ, පාලක ලිබරල් පක්ෂයේ නායකත්වයෙන් මෙන්ම අග්‍රාමාත්‍ය ධුරයෙන් ද ඉල්ලා අස්වීමත් සමගයි.

ලිබරල් පක්ෂයේ නායකත්වය සඳහා පැවති තරගයේ දී ප්‍රකාශිත ඡන්දවලින් 86% ක් ලබා ගනිමින් මාර්ක් කාර්නි අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමෙන් පසු ලිබරල් පක්ෂයේ නායකයා ලෙස ඔහුව පත්කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

59 හැවිරිදි මාර්ක් කාර්නි එරට හිටපු මහ බැංකු අධිපතිවරයෙකු වේ.

අගමැති ලෙස මාර්ක් කාර්නි දිවුරුම් දීමෙන් පසුව 24දෙනෙකුගෙන් යුතු නව කැබිනට් මණ්ඩලයක් නම් කරමින් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරුබදු තර්ජන හමුවේ කැනඩාවේ අවශ්‍යතා ආරක්ෂා කිරීමට ප්‍රතිඥා දී ඇත.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *