වැලිවේරියේ වෙඩි තැබීම පිටුපසත් සංජීව – පද්මේ ආරවුලේ සෙවනැලි.!

වැලිවේරියේ ඊයේ (13) රාත්‍රියේ සිදුකළ වෙඩිතැබීමෙන් තුවාල ලබා ඇත්තේ අපරාධකරුවකු වන කෙහෙල්බද්දර පද්මේගේ සමීපතමයෙකු බවට තොරතුරු අනාවරණය වී ඇත.

කෙසේ නමුත් එම තරුණයාට මෙතෙක් කිසිදු අපරාධ චෝදනාවක් එල්ල වී නොමැති බව වාර්තා වේ.

ඒ අනුව ගණේමුල්ල සංජීව ඝාතනයට පලිගැනීමක් ලෙස මෙම වෙඩි තැබීම සිදුකරන්නට ඇති බවට පොලීසිය සැක කරයි.

වැලිවේරිය, අරලියගහ හංදිය ප්‍රදේශයේදී ඊයේ රාත්‍රී 9.10ට පමණ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ලකර තිබුණි.

එම ප්‍රහාරයෙන් තුවාල ලබා ඇත්තේ 26 හැවිරිදි විනෝත් දිල්ශාන් නම් තරුණයෙක්ය.

සංචාරකයන් ප්‍රවාහනය කරන මෝටර් රථයක් කුලී පදනම මත පදවන එම තරුණයාට, එම රථයේ හිමිකරු විසින් ඊයේ රාත්‍රියේ සංචාරකයෙකු ගාල්ල ප්‍රදේශයට රැගෙන යාම සඳහා වැලිවේරියට යන ලෙසට දැනුම් දී ඇත.

එලෙස පැමිණෙමින් සිටින අතරතුරදී ඔහු වෙඩි ප්‍රහාරයට ලක්ව තිබේ.

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ තරුණයා තුවාල සහිතව මෝටර් රථය ගම්පහ රෝහල තෙක් පදවාගෙන ගොස් තිබේ.

වෙඩි ප්‍රහාරය ඔහුගේ අතකට එල්ල වී ඇති අතර, බරපතළ තුවාල සිදුව නොමැත බව වාර්තා වේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *