රෑට වැඩකරන්න බයයි කියා ග්‍රාම නිලධාරිනියෝ රාත්‍රී සේවයෙන් ඉවත්වෙති.!

ග්‍රාම නිලධාරිවරුන් අද(14) මධ්‍යම රාත්‍රියේ සිට වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරිමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරීවරුන්ගේ සංගමයේ ජාතික සංවිධායක නෙවිල් විජේරත්න සඳහන් කළේ ග්‍රාම නිලධාරිනියන්ගේ ආරක්ෂාව සම්බන්ධ ගැටලුවක් මුල්කර ගනිමින් තමන් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට යොමුවන බවයි.

ඒ අනුව ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින ගැටලු හේතුවෙන් අද (14) දිනයේ සිට සියලු ග්‍රාම නිලධාරිනියන් රාත්‍රී කාලයේ සේවාවලින් ඉවත්වන බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය පවසයි.

එහි කොළඹ දිස්ත්‍රික් සභාපති ශාමලී වත්සලා කුලතුංග පැවසුවේ අනාරක්ෂිත හා ජනශුන්‍ය ප්‍රදේශවල පවත්වාගෙන යන කාර්යාල වසාදැමීම සහ ආරක්ෂාව තහවුරුවන ස්ථානයක සිට කාර්යාල කටයුතු සිදුකිරීමට කටයුතු කරන බවය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *