දේශබන්දු සොයා පොලිසිය සාගලගේ නිවස පීරයි.!

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතාගේ මාතර මොරවක පිහිටි නිවස පරීක්ෂාවට ලක් කර ඇති බව වාර්තා වේ.

ඊයේ රාත්‍රී කාලයේදි මෙම නිවස පරීක්ෂාවට ලක් කර ඇතත් දේශබන්දු තෙන්නකෝන් මහතා එහි සිට නැත.

නිවස පරීක්ෂා කිරීම සඳහා තමන්ගෙන් අවසරය ඉල්ලා සිටි බවත් තමන් ඊට අවසර දුන් බවත් සාගල රත්නායක මහතා සඳහන් කර ඇත.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *