ඩිජිටල් ජාතික හැඳුනුම්පතට අදාළ ජෛවමිතික දත්ත එකතු කිරීම ඉන්දියානු සමාගමකට ලබාදී ඇතැයි ඇතැමුන් සිදු කරන පදනම් විරහිත ප්‍රකාශවලට නොරැවටෙන ලෙස ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය ඇමැති ඉංජිනේරු එරංග වීරරත්න මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.
ඒ ඊයේ (14) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
නව ඩිජිටල් පුද්ගල හැඳුනුම්පත් මේ මස අවසන් වීමට පෙර නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවයි ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පවසනනේ. ඒ සඳහා වන දත්ත පද්ධතිය නිර්මාණය කිරීම සඳහා යම් කාලයක් ගතවූ බවත්, මේ මස වන විට එම කටයුතු සම්පූර්ණ කිරීමටත් අදහස් කරන බව ඩිජිටල්
ආර්ථික නියෝජ්‍ය ඇමැති එරංග වීරරත්න මහතා කියා සිටියේය.
මෙම ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කිරීමේදී ඇඟිලි සලකුණ, මුහුණ සහ ඇසේ කළු ඉංගිරියාවේ විස්තර ලබා ගැනීමේ පියවරයන් තුනක් අනුගමනය කරන බවද නියෝජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.
ඒ අනුව අලුතින් ලබාදෙන සියලුම හැඳුනුම්පත් ඩිජිටල් කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු පැවසූ අතර, මේ වන විටත් හැඳුනුම්පත් ලබාගැනීමේ විශාල ප්‍රමාදයක් පවතින බැවින් එය අවම කිරීමට මේ තුළින් කටයුතු කරන බව ද නියෝජ්‍ය ඇමැතිවරයා පවසයි.
ඩිජිටල් හැඳුනුම්පත් පද්ධතිය සකස් කිරීමට රුපියල් බිලියන 20ක් වැනි පිරිවැයක් දැරීමට සිදුවන බැවින් ඉන් අඩක් හෝ ඉන්දීය ආධාර යටතේ ලබා ගැනීමට තීරණය කර ඇති බව ද නියෝජ්‍ය ඇමැතිවරයා මෙහිදී සඳහන් කළේය.
ප්‍රතිචාරයක් ලබාදෙන්න