මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනයේ වෙඩික්කරු අල්ලයි.!

පසුගියදා මිද්දෙනිය ප්‍රදේශයේදී දරුවන් දෙදෙනකු ඇතුළු තිදෙනකුට මරු කැඳවමින් සිදු වූ මාරක වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ තුවක්කුකරු මිද්දෙනිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු තම කුඩා පුතා සහ දියණිය සමඟ තවත් යතුරුපැදියකින් ගමන් කරමින් සිටි අනුර විදානගමගේ නොහොත් ‘කජ්ජා’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයා ඉලක්ක කර සිදුකළ වෙඩි තැබීමෙන් මෙම ඝාතනය සිදුකෙරිණි.

එම ප්‍රහාරයෙන් පියා ක්ෂණිකව මිය ගිය අතර, ඔහුගේ දියණිය රෝහලේදී තුවාල ලබා මියගියේය.

අසාධ්‍ය තත්ත්වයේ පසුවූ ඔහුගේ පුතා පසුදා මියගියේය.

පොලීසිය පැවසුවේ T56 වර්ගයේ ගිනිඅවියක් යොදා ගනිමින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවය.

මෙම අපරාධයට අදාළව අද අත්අඩංගුවටගත් සැකකරු සමඟ මේ දක්වා සැකකරුවන් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් මිද්දෙණිය පොලීසිය හා තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයට වැඩිදුර විමර්ශන සිදු කරයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *