දුම්රියේ අලි ගැටීම් වළක්වන්න පේරාදෙණිය කැම්පස් එකේ හදපු අලුත් ගැජට් එක ටෙස්ට් කරන්න සූදානම් වෙයි.!

ශ්‍රී ලංකාවේ දුම්රිය-අලි ගැටීම් වැළැක්වීම සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය විසින් කෘත්‍රිම බුද්ධිය භාවිතයෙන් නිර්මාණය කරන ලද නව උපකරණයක් ස්ථාපනය කිරීමට පියවර ගනිමින් සිටින බව පරිසර අමාත්‍යාංශය පවසයි.

අමාත්‍යාංශ ප්‍රකාශයකට අනුව, නව උපාංග මාර්තු මාසයේ මුල් සති දෙක තුළ නියමු ව්‍යාපෘතියක් ලෙස ස්ථාපනය කෙරේ.

මීටර් 500 ක් පමණ දුරින් දුම්රිය මාර්ගයේ වන අලියකු සිටින විට දුම්රිය රියදුරුට ඒ බව දැනුම්දීමට මෙම උපකරණයට හැකියාව ඇති බව අමාත්‍යාංශය පවසයි.

උපාංගය පිළිබඳ තාක්ෂණික තක්සේරු කිරීම් සිදුකිරීමට නියමිත අතර, මාස තුනක විධිමත් අධ්‍යයනයකින් පසුව වනජීවී කොරිඩෝ හරහා ගමන් කරන දුම්රිය මාර්ගවල එය ස්ථාපනය කිරීමට අපේක්ෂා කෙරේ.

මීට අමතරව, රාත්‍රී දුම්රියවල අලි ගැටීම් වැළැක්වීම සඳහා අතිරේක වේග සීමාවන් ක්‍රියාත්මක කිරීම සහ දුම්රිය කාලසටහන් සංශෝධනය කිරීම කෙරෙහි ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව අවධානය යොමුකර ඇත.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *