යුක්‍රේනයට ලබාදුන් සියලුම හමුදා ආධාර අමෙරිකාවෙන් අත්හිටුවයි.!

යුක්‍රේනයට ලබාදෙන සියලුම හමුදා ආධාර අත්හිටුවීමට අමෙරිකාව පියවර ගෙන තිබේ.

පසුගිය සතියේ යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර ඇතිවූ වචන හුවමාරුවෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

යුක්‍රේනය සහ රුසියාව අතර පවතින ගැටුම් නතර කර සාමය ස්ථාපිත කිරීමට කටයුතු කළ යුතු බවට අමෙරිකානු ජනාධිපතිවරයා යුක්‍රේන ජනාධිපතිවරයාට දැනුම් දෙනු ලැබීය.

ඒ අනුව අදාළ අරමුණ කරා ගමන් කිරීමට බලකිරීමක් වශයෙන් අමෙරිකාව විසින් යුක්‍රේනයට ලබාදෙන හමුදා ආධාර සියල්ල අත්හිටුවීමට තීරණය කර ඇති බව ධවල මන්දිරය සඳහන් කර ඇත.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *