පුංචි ඡන්දය මැයි මුල් සතියේ?

පළාත් පාලන මැතිවරණය මැයි මස මුල් සතියේ පැවැත්වීමට ඉඩ ඇති බව ජනමාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ඩේලි මිරර් පුවත්පතට අදහස් දක්වමින් මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පවසා ඇත්තේ, මැතිවරණය පැවැත්වෙන දිනය සාකච්ඡා කර මෙම සතිය තුළ අවසන් තීරණයකට එළඹීම සඳහා විශේෂ රැස්වීමක් කැඳවන බවයි.

“අදාළ දේශපාලන පක්ෂ විසින් ඉදිරිපත් කරන ලද සියලුම යෝජනා සලකා බැලීමෙන් පසු තීරණය ගන්නවා” යැයි ඔහු පවසා ඇත.

“අපි සියලු යෝජනා සැලකිල්ලට ගන්නවා. කෙසේවෙතත්, ස්වාධීන ආයතනයක් ලෙස, අදාළ දිනය පළාත් පාලන මැතිවරණ පනතට අනුකූලව ප්‍රකාශයට පත් කරනවා” ඔහු සඳහන් කරයි.

අයවැය විවාදය අවසන් වන තුරු නාමයෝජනා කැඳවීම ප්‍රමාද කරන ලෙස විරුද්ධ පක්ෂ ඉල්ලා ඇති අතර, ආණ්ඩුව ඉල්ලා ඇත්තේ, හැකි තරම් කඩිනමින් මැතිවරණය පවත්වන ලෙසයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *