ඉන්ධන බෙදා හැරීම අඩපණ කර රජය අපහසුතාවට පත්කිරීමේ ක්‍රමන්ත්‍රණයක් ගැන CIDයට පැමිණිල්ලක්.!

ලංකා ඛනිජ තෙල් නීතීගත සංස්ථාව විසින් ඉන්ධන බෙදා හැරීමේදී ලබා දෙනු ලබන වට්ටම් මුදලක් සම්බන්ධයෙන් මතු වූ යම් ගැටලුවක් හේතුවෙන් ඉන්ධන බෙදා හරින නියෝජිතයන් යැයි කියා ගන්නා කණ්ඩායමක් විසින් ඉන්ධන බෙදා හැරිමේ ක්‍රියාවලිය අඩපණ කරමින් රජය අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් කටයුතු කර ඒ තුළින් මහජනතාව පීඩාවට ලක්කිරීමට උත්සාහ කරන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ලැබී ඇත.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ, ඒ අනුව එම පැමිණිල්ල සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරි විමර්ශන ආරම්භ කර ඇති බවය.

සාමාන්‍ය ජන ජීවිතය කඩාකප්පල් කිරීම සහ අස්ථාවරභාවයක් ඇති කර මහජන පීඩාවක් ඇති කරන තැනැත්තන්ට විරුද්ධව අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ද පොලීසිය දැනුම් දෙයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *