අලුතෙන් දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම අද සිට.!

මේ වසර (2025) සඳහා ලියාපදිංචි කිරීමට සුදුසුකම් ඇති ක්‍රියාකාරී දේශපාලන පක්ෂවලින් අයැදුම්පත් කැඳවීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු යොදා ඇත.

ඒ අනුව,අදාළ අයැදුම්පත් අද (28 වැනිදා) සිට මාර්තු මස 28 වැනිදා තෙක් භාර ගැනීමට කටයුතු යොදා ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක සඳහන් කරයි.

අදාළ අයැදුම්පත් මැතිවරණ කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය වන http://www.elections.lk මගින් බාගත කර ගත හැකිය. එමෙන්ම,දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලින්ද අයැදුම්පත් ලබාගත හැකිය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *