මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනයේ තවත් සැකකරුවකු අල්ලයි.!

මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එම සැකකරු ඊයේ (25) උදෑසන කාලයේ වීරකැටිය පොලිස් වසමේ වකමුල්ල ප්‍රදේශයේදී තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

එම සැකකරු මෙම ත්‍රිත්ව ඝාතනයට ආධාර අනුබලදීම හා කුමන්ත්‍රණය කළ අයෙකු බව වාර්තා වෙයි.

ඔහු අත්අඩංගුවට ගෙන මිද්දෙණිය පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු හකුරුවෙල ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි අයෙකි‍.

ඉකුත් 18වනදා සිදුකළ මෙම වෙඩිතැබීමෙන් අරුණ විදානගමගේ හා ඔහුගේ දරුවන් දෙදෙනා ඝාතනය විය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *