හිටපු ආණ්ඩුකාරවරයෙකු වන රංජිත් කීර්ති තෙන්නකෝන් මහතා, බදුල්ල දිස්ත්‍රික්කයේ, හල්දමුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බෝගහපැලැස්ස රක්ෂිත වනාන්තරයේ ඉඩම් අක්කර 18 ක් ඔහුගේ නමට ලියාගෙන ඇතැයි, අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා චෝදනා කරයි.
ඊයේ විශේෂ මාධ්‍ය හමුවක් කැදවමින් අමාත්‍යවරයා ලිඛිත සාක්ෂ්‍ය ඉදිරිපත් කරමින් මේ බව අනාවරණය කළේ ය.
හිටපු ආණ්ඩුකාරවරයා මෙම ඉඩම් අක්කර දහ අට ලියාගෙන ඇත්තේ, එම ඉඩම් අක්කර දහඅටේ අයිතිකරු ඔහු බව හෙළිවීම ඔහුට හැකි උපරිම ආකාරයෙන් සගවමින් බවත්, ඔහු තමන්ගේ නම සදහන් කර ඇත්තේ රන්ජිත් කීර්ති තෙන්නකෝන් යන නම එක වර හෙළි නොවන ආකරයට වන බව හා ඔහුගේ ජාතික හැදුනුම්පත් අංකය සදහන් කර තිබෙන්නේ ද එක් අංකයක් වැඩියෙන් දමා ජනතාව නොමග යන ආකාරයෙන් බවත් මෙහිදී සමන්ත විද්‍යාරත්න මහතා හෙළිකරයි.
“දැන් මේ ඉඩම් කවුද අරගෙන තියෙන්නෙ ? කේ. ටී. රංජිත්. හොයාගෙන ගියාම මේකෙ තියෙනවා හැඳුනුම්පත් අංකයක්. ඒ හැඳුනුම්පත් අංකයෙන් හොයාගන්න පුළුවන්නෙ මේ කීර්ති තෙන්නකෝන්ද කියලා. අපට හම්බවෙනවා මෙයාගෙ ඉල්ලුම් පත්‍රයේ දාලා තියෙන හැඳුනුම්පත් අංකය තමයි මේ උඩින් තියෙන්නෙ, මේකෙ අංක 13ක් තියෙනවා. අර සිරිලිය වගේ තමා මේවාත්. එයාගෙ ඇත්ත හැඳුනුම්පත් අංකය අපි හොයාගත්තා, මේ යටින් තියෙන්නෙ ඒක. බලනකොට උඩ එකේ බිංදුවක් වැඩියි. බිංදුව අයින් කරලා ගත්තාම කීර්ති තෙන්නකෝන්ගෙ තමයි හැඳුනුම්පත් අංකය. අන්න එයා තමයි කේ. ටී. රංජිත් කියන ඇප්ලිකේෂන් එක ඉදිරිපත් කරලා තියෙන්නෙ. හිටපු ආණ්ඩුකාරවරයා, ජනාධිපති ලේකම්වරයෙක්. මෙයා මේකෙ අරන් තියෙනවා අක්කර 18ක් තියෙනවා ඉඩම. මඩෙන් පහයි, ගොඩින් දහතුනයි. දැන් මේකෙ තියෙනවා වංචාවක්. කීර්ති තෙන්නකෝන්ගෙ අත්සන ව්‍යාජයි. කීර්ති තෙන්නකෝන්ගෙ ඇත්ත අත්සන මේ තියෙන්නෙ, මේ තියෙන්නෙ තමන් ඉඩම් ඉල්ලන්නෙ නෑ කියන්න ව්‍යාජව ගහපු අත්සන. දැන් මේ කීර්ති තෙන්නකෝන්ට මෙතන ඉඩමක් තියෙනවා කියලා මම වීඩියෝ එක්කුත් පෙන්වන්නම්” යැයි සමන්ත විද්‍යාරත්න මහතා ඊයේ (09) පැවති මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය.
ප්‍රතිචාරයක් ලබාදෙන්න