මාස 08 ට සංචාරකයින් ලක්ෂ 16ක් ලංකාවට එයි.!

මෙම වසරේ (2025) ජනවාරි මස 1 වැනිදා සිට අගෝස්තු මස 31 වැනිදා දක්වා කාලය තුළ විදේශ සංචාරකයන් 1,566,523 ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරි පැවසීය.

පසුගිය අගෝස්තු මාසය තුළ පමණක් සංචාරකයන් 198,235 ක් මෙරටට පැමිණ ඇති බවත් මෙය පසුගිය වසරේ අගෝස්තු මාසයට සාපේක්‍ෂව සංචාරක පැමිණීමේ සියයට 20.4 ක වර්ධනයක් බවත් එම අධිකාරිය කීය.

පසුගිය මාස අට තුළදී ඉන්දීය ජාතිකයන් 325,595ක්, රුසියානු ජාතිකයන් 118,916 ක් සහ බි්‍රතාන්‍ය ජාතිකයන් 151,141ක් ලෙස වැඩිම සංචාරකයන් පැමිණ ඇති බව කියන ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පසුගිය අගෝස්තු මස ඉන්දියාවෙන් සංචාරකයන් 46,473ක්, බි්‍රතාන්‍යයෙන් සංචාරකයන් 19,764ක්, ජර්මනියෙන් සංචාරකයන් 12,500ක්, චීනයෙන් සංචාරතන් 12,294ක් සහ ප්‍රංශයෙන් සංචාරකයන් 10,495ක් පැමිණ ඇති බව ද සඳහන් කරයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *