පද්මේ ඇතුළු පාතාලයන් ගේන්න විශේෂ පොලිස් කණ්ඩායමක් ඉන්දුනීසියාවට.!

ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයින් වන කෙහෙල්බද්දර පද්මේ ඇතුළු 05 දෙනා හෙට (31) දිවයිනට රැගෙන ඒමට නියමිතව තිබේ.

ඔවුන් රැගෙන ඒම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් අද (30) දිවයිනෙන් පිටව ගිය බව වාර්තා වෙයි.

ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී පසුගියදා කෙහෙල්බද්දර පද්මේ ඇතුළු අපරාධකරුවන් පස්දෙනෙකු එරට පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.

මෙරටින් ගිය සහකාර පොලිස් අධිකාරීවරුන් දෙදෙනෙකු වන රොහාන් ඕලුගල හා මහින්ද ජයසුන්දර යන මහත්වරුන් එරට පොලිසිය සමග එක්ව සිදුකළ මෙහෙයුමකදීය.

එහිදී කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත, පානදුරේ නිලංග, බැකෝ සමන් සහ තැඹිලි ළහිරු යන සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයින් අත්අඩංගුවට පත්විය.

එම මෙහෙයුමේදී අත්අඩංගුවට පත් වූ බැකෝ සමන් නැමැත්තාගේ බිරිය හා දරුවාව අනතුරුව නිදහස් කෙරුණු අතර ඔවුන්ව නැවත මෙරටට එවීමට එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කටයුතු කර තිබුණි.

ඒ අනුව ඊයේ පස්වරුවේ මෙරටට පැමිණි බැකෝ සමන්ගේ බිරිඳ සහ දරුවාව කටුනායක ගුවන්තොටුපොළෙහෙි පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඒකකය මගින් සියභාරයට ගෙන මූලික ප්‍රකාශ සටහන් කරගෙන තිබුණි.

අනතුරුව ඊයේ රාත්‍රී 10ට පමණ ඇය සහ දරුවා කොළඹ පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානය වෙත රැගෙන එනු ලැබීය.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අදාළ කාන්තාව මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සෘජූ සබඳතා පැවැත්වීම හේතුවෙන් ඇය අත්අඩංගුවට ගත් බවය.

ඇයගෙන් අදාළ ජාවාරම්කරුවන් පිළිබඳව වැඩිදුර තොරතුරු අනාවරණ කරගැනිම සඳහා මේවන විටත් ප්‍රශ්න කරමින් සිටින බව වාර්තා වෙයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *