අනුර ප්‍රියදර්ශන යාපා, රෝහිත අබේගුණවර්ධන කොටු වෙයි – මුදල් විශුද්ධිකරණ චෝදනා ගැන පරීක්ෂණ.!

මුල්‍ය අපරාධ විමර්ශන දිසාවෙහි නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මුදල් විශුද්ධිකරණ පනත ප්‍රකාරව සිදුකරන ලද විමර්ශනයකට අදාළව හිටපු අමාත්‍යවරුන් තිදෙනකු සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසනවා.

හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ, අනුර ප්‍රියදර්ශන යාපා සහ රෝහිත අබේගුණවර්ධන යන අය සම්බන්ධයෙන් මෙම විමර්ශන ආරම්භ කර ඇතැයි එම ආරංචි මාර්ගවලින් සඳහන් වෙනවා.

2011 අංක 40 දරන පනතින් සංශෝධිත 2006 අංක 05 දරන මුදල් විශුද්ධීකරණ වැලැක්වීමේ පනතේ විධිවිධාන ප්‍රකාරව ‍මෙම හිටපු අමාත්‍යවරුන් විසින් සිය වත්කම් උපයාගැනීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය ආරම්භ කරනු ලැබ ඇතැයි ද පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිළධාරියෙක් පවසනවා.

ඒ අනුව ඉදිරියේදී එම හිටපු අමාත්‍යවරුන් අදාළ අංශයට කැඳවා ප්‍රකාශ ලබා ගැනීමට නියමිතව ඇතැයි ද වාර්තා වෙනවා.

මෙම පරීක්ෂණයට අදාළ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ වෙනත් සිද්ධියක් සම්බන්ධයෙන් මේ වන විට සිරදඩුවම් විඳිමින් සිටියි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *