විමල් වීරවංශ ඇතුළු පක්ෂ නායකයන් හයකගේත් පැන්ෂන් කැපෙයි.!

මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීමට රජය ගෙන ඇති තීරණය හේතුවෙන් පක්ෂ නායකයන් හය දෙනෙකුටත් මන්ත්‍රී විශ්‍රාම වැටුප අහිමිවන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය

විමල් වීරවංශ, ඩිව් ගුණසේකර, තිස්ස විතාරණ සහ වාසුදේව නානායක්කාර ඇතුළු පක්ෂ නායකයන් හය දෙනෙකුගේ විශ්‍රාම වැටුප මෙසේ අහිමිවන බවද ඔහු සඳහන් කළේය.

මේ අතර විශ්‍රාම වැටුප අහිමිවන හිටපු මන්ත්‍රීවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන්ගේ වැන්දඹුවන් සංඛ්‍යාව 499ක් බවද මානගේ මහතා පැවසීය

හිටපු මන්ත්‍රීවරුන්ගේ වැන්දඹුවන් එකසිය පනහකට ආසන්න සංඛ්‍යාවක් විශ්‍රාම වැටුප ලබන බව ඔහු ප්‍රකාශ කළේය.

මේ අතර ලොහාන් රත්වත්තේ මහතා අභාවප්‍රාප්ත වීම හේතුවෙන් ඔහුගේ බිරිඳට එම විශ්‍රාම වැටුප හිමිවන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ අතර දැනට ලබා දෙන විශ්‍රාම වැටුපත් අහිමි කරන ලෝකයේ එකම රට ශ්‍රී ලංකාව බවවිශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ එකමුතුවේ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමසිරි මානගේ මහතා පැවසීය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *