දඹුල්ලේ ආහාර ගබඩා කිරීමේ ශීතාගාරය නිරීක්ෂණයට විපක්ෂයේ පක්ෂ නායකයෝ පිරිසක් යති.. විවෘත කළදා සිට වැඩ නැහැලු.!

දඹුල්ලේ ආහාර ගබඩා කිරීමේ ශීතාගාරය(උෂ්ණත්ව පාලිත කෘෂිකර්ම ගබඩාව) නිරීක්ෂණය කිරීම සඳහා විපක්ෂයේ පක්ෂ නායකයින් පිරිසක් මේ වන විට දඹුල්ලට ගමන්කරමින් තිබෙන බවට තොරතුරු වාර්තා වෙනවා.

මේ සම්බන්ධයෙන් කරනලද විමසීමකට පිළිතුරුදුන් නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර ප්‍රකාශ කළේ මීට මාස කිහිපයකට පෙර විවෘත කරනලද ආහාර ගබඩාකිරීමේ ශිතාගාරය විවෘත කළදා සිට අක්‍රියව පවතින බවයි.

මෙරටට පැමිණි ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍රමෝදි විසින් මෙම ශීතාගාරය විවෘතකළ බව සඳහන් කළ සුගීෂ්වර බණ්ඩාර පවසා සිටියේ ශීතාගාරය ක්‍රියාත්මක නොවීම නිසා එළවළු පළතුරු ඇතුළු ආහාර වර්ග තොග වශයෙන් ගබඩාකිරීමට නොහැකි වී ඇති බවයි.

විවිධ ආහාර වර්ග රැසක් අපතේ යන බවත් එම නිසා දඹුල්ල ඇතුළු ප්‍රදේශ රැසක ගොවි ජනතාව දැඩි අසරණතාවයකට පත්ව ඇති බවයි සුගීෂ්වර බණ්ඩාර පවසන්නේ.

මෙම කරුණු සියල්ල සොයාබලා අදාළ බලධාරීන්ගේ අවධානය යොමුකිරීමටත් රටට මේ බව ප්‍රකාශ කිරීම මෙම ගමනේ අරමුණ බවයි සුගීෂ්වර බණ්ඩාර වැඩිදුරත් පවසා සිටින්නේ.

පැපිලියාන සුනේත්‍රා‍දේවි රජමහාවිහාරාධිපති නාගරික මන්ත්‍රි පූජ්‍ය වැල්ලම්පිටියේ සුමනධම්ම හිමි ප්‍රමුඛ මහා සංඝරත්නයත් , හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්වන උදය ගම්මන්පිල, නිමල් පියතිස්ස, සංජීව එදිරිමාන්න, ප්‍රේමනාත් සී. දොලවත්ත, ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක නායකයින් සහ නියෝජිතයින්ද මෙම දඹුල්ලේ ගමනට එක්ව සිටින බවයි වාර්තා වෙන්නේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *