මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශන වලට අදාළව තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා පොලීසිය අතර ද්විපාර්ශවීය අවබෝධතා ගිවිසුමක් ඊයේ (07) දින අත්සන් කළේය.
මෙම අවබෝධතා ගිවිසුමට ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් චින්තක මෙන්ඩිස් හා වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය විසින් නිල වශයෙන් අත්සන් තැබීම සිදු කළේය.
අද දින පොලිස් මූලස්ථානයේදී එම ද්විපාර්ශවීය අවබෝධතා ගිවිසුම අත්සන් කළේය.



ප්‍රතිචාරයක් ලබාදෙන්න