හිටපු මහ ඇමති මහීපාල හේරත් සිදු කළ මගඩියක තොරතුරු එළියට.!

2014 – 2017 වර්ෂවලට අදාළව එවකට සබරගමුව පළාත් මහ ඇමතිවරයා ලෙස කටයුතු කළ මහීපාල හේරත් ප්‍රධාන අමාත්‍යංශය සහ සංවර්ධන නිර්මාණ හා යන්ත්‍රෝපකරණ අධිකාරියෙන් සහ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියෙන් පිළිවෙලින් ඉන්ධන ලීටර් 3000ක් ලබාගෙන තිබෙන බව කෝපා කමිටුවේදි අනාවරණය වී ඇත.

2014 – 2017 වර්ෂවලට අදාළව හිටපු මහ ඇමති මහීපාල හේරත් ප්‍රධාන අමාත්‍යංශයෙන් නිල වශයෙන් අනු අට ලක්ෂ පනස්දහස් එකසිය හැත්තෑවක් ලබාගෙන තිබෙන බවද කෝපා කමිටුවේදි අනාවරණය වී ඇත.

ඒ අනුව හිටපු මහ ඇමති මහීපාල හේරත්ට මසකට හිමිවන ඉන්ධන ලීටර් 1700 වෙනුවට ඉන්ධන ලීටර් 4700ක් භාවිත කර ඇති බවද කෝපා කමිටුවේදි අනාවරණය වී ඇත.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *