ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකරට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට විපක්ෂය සැරසෙයි.!

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකරට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සමගි ජන බලවේගය තීරණය කර ඇති බව වාර්තා වේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් ඊයේ (04) සවස රැස් වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරණය ගත් බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ප්‍රකාශ කළා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන කටයුතු සාධාරණව සිදු කරගෙන යාම සඳහා අරුණ ජයසේකර ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය ධූරය දැරීම බාධාවක් බවත් පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී අරුණ ජයසේකර නැගෙනහිර පළාත් ආඥාපතිවරයා වශයෙන් කටයුතු කිරීම නිසා මෙම තත්ත්වය ඇති වී තිබෙන බවත් එම මන්ත්‍රීවරයා පවසයි.

මීට අමතරව තවත් කාරණා කිහිපයක් සැලකිල්ලට ගෙන මෙම විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් එය කෙටුම්පත් කිරීම පිළිබඳව හෙට (06) විපක්ෂයේ පක්ෂ නායකයින් සමග විපක්ෂ නායකවරයා සාකච්ඡා කිරීමට නියමිත බවත් වාර්තා වේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *