යාපනය, චෙම්මනි සුසාන භූමිය ආසන්නයේ ඇති සමූහ මිනීවළ අවට ප්‍රදේශය ස්කෑන් පරීක්ෂාවකට ලක්කර තිබෙනවා.
යාපනය මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදුන් අවසරයක් මතයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණික පීඨයේ විශේෂඥ කණ්ඩායමක් මෙම ස්කෑන් පරීක්ෂාව සිදුකර ඇත්තේ.
අස්ථි කොටස් හමුවූ භූමිය තුළ තවත් මිනිස් අස්ථි කොටස් පවතින්නේද යන්න සම්බන්ධයෙන් අදාළ ස්කෑන් පරීක්ෂාව හරහා විමර්ශනය කර තිබෙනවා.
එහිදී චෙම්මිනි සුසාන භුමිය ආසන්නයේ තවත් අස්ථි කොටස් පවතින බවටයි අනාවරණය වී ඇත්තේ.
එමෙන්ම, මානව හිමිකම් කොමිෂන් සභාවේ නියෝජිතයින් පිරිසක්ද ඊයේ සිදුකළ මෙම ස්කෑන් පරික්ෂාවට එක්ව සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
සමූහ මිනිවළේ කැනීම් තුළින් මේ වනවිට මිනිස් සිරුරු 130 ක පමණ අස්ථි කොටස් හමුවී ඇති අතර, ඉන් 120කගේ පමණ අස්ථි කොටස් ගොඩගෙන තිබෙනවා.
මේ අතර, සමූහ මිනිවළ සීමාවෙන් හමුවු මිනිස් අස්ථි නොවන අනෙකුත් ද්‍රව්‍ය අද පස්වරු කාලයේ හදුනා ගැනීමේ පරීක්ෂාවක් සඳහා මහජන ප්‍රදර්ශනයට තැබීමට ද නියමිතයි.



ප්‍රතිචාරයක් ලබාදෙන්න