තවත් හිටපු නාවික හමුදාපතිවරු තිදෙනෙක්ට වැඩ වරදින ලකුණු.!

හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්නට චෝදනා එල්ල වී ඇති පොතුහැර ප්‍රදේශයේ තරුණයකු අතුරුදන් කිරීමේ සිදුවීමට අදාළව තවත් හිටපු නාවික හමුදාපතිවරුන් තිදෙනකුට අදාළව පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇතැයි ‘දේශය’ වාර්තා කරයි.

එම වාර්තාවට අනුව අදාළ හිටපු නාවික හමුදාපතිවරුන් වන්නේ තිසර සමරසිංහ, සෝමතිලක දිසානායක සහ ජයනාත් කොළඹගේ ය.

මේ අය සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට ආරක්ෂක අංශ තීරණය කර ඇතැයි වැඩිදුරටත් වාර්තා කරයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *