ප්‍රේමලාල් ජයසේකරට මරණ දඬුවම ලබාදෙන්නැයි ඉල්ලා ගොනු කළ අභියාචනයක් විභාගයට අවසර.!

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ එවක ජනාධිපති අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ කහවත්තේ පැවති දේශපාලන රැලියකට වෙඩි ප්‍රහාරයක් එල්ල කර ශාන්ත දොඩංගොඩ නමැත්තෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාවට මරණීය දණ්ඩනය නියම වී සිටි හිටපු අමාත්‍ය ප්‍රේමදාල් ජයසේකර ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකු නිදොස් කොට නිදහස් කරමින් අභියාචනාධිකරණය දුන් තීන්දුව බල රහිත කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු අභියාචනා පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසර ලබා දුන්නේය.

මෙම සිද්ධියෙන් අගතියට පාර්ශවය විසින් අදාල අභියාචනා පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.

එම පෙත්සම අද සලකා බැලීමෙන් අනතුරුව ජනක් ද සිල්වා, ප්‍රියන්ත ප්‍රනාන්දු සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කළේය.

ඉන් අනතුරුව පෙත්සම් විභාගය පෙබරවාරි මස 13 වනදා දක්වා කල් තැබිණි.

මෙම පෙත්සම ඉදිරිපත් කළ අගතියට පත් පාර්ශවය සඳහන් කර සිටින්නේ ප්‍රේමලාල් ජයසේකර ඇතුළු විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරමින් අභියාචනාධිකරණය දුන් තීන්දුව නීතියට පටහැනි බවය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *