පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත ලබන සතියේ කැබිනට් මණ්ඩලයට.!

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත ලබන සතියේ කැබනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය පවසයි.

එම පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍යාංශය විසින් සම්පාදනය කිරීමෙන් අනතුරුව නීතිපතිවරයාගේ අධීක්ෂණයට යොමු කර ඇති බවයි.

වත්මන් ආණ්ඩුවේ මැතිවරණ පොරොන්දුවක් අනුව එම කටයුතු සිදුවන අතර මේ වනවිටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවා ඇති බව අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *