කුට්ටිආරච්චි ජනපතිගෙන් ප‍්‍රසිද්දියේ සමාව ගනී..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි , ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සම්බන්ධයෙන් තමන් විසින් සිදුකරන ලද ප්‍රකාශයක් පිළිබඳව කොන්දේසි විරහිතව කණගාටුව පළ කර තිබේ.

මෙම දැනුම්දීම අද (29) කොළඹ දිසා අධිකරණය හමුවේ සිදුකරන ලදී.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් තමන්ට සිදු වූ අපහාසය වෙනුවෙන් රුපියල් බිලියන දහයක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා ගොනු කර තිබූ නඩුවක් අද කොළඹ දිසා අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී, තිස්ස කුට්ටිආරච්චි සිය නීතිඥවරු මාර්ගයෙන් මෙම ප්‍රකාශය සිදු කළේය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *