සංචාරක පැමිණීම ලක්ෂ 13 පනී.!

2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 13 සීමාව ඉක්මවා ගොස් තිබේ.

සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යා ලේඛනවලට අනුව මේ දක්වා 1,313,232ක විදෙස් සංචාරකයින් සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

ඒ අතරින් පුද්ගලයින් 269,780ක් ඉන්දියාවෙන්, 124,652ක් එක්සත් රාජධානියෙන් සහ 114,644ක් රුසියාවෙන් පැමිණි බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.

මේ අතර ජූලි මාසයේ මේ දක්වා සංචාරකයින් 145,188ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත පෙන්වා දෙයි.

එම අධිකාරියේ විසින් නිකුත් කරන ලද දත්තවලට අනුව, ඉන්දියාවෙන් සංචාරකයින් 27,786ක් පැමිණ ඇති අතර එය 19.1% කි.

තවද, ජුලි මාසයේදී එක්සත් රාජධානියෙන් පුද්ගලයින් 16,750ක්, නෙදර්ලන්තයෙන් පුද්ගලයින් 10,809 ක්, චීනයෙන් 5,904 ක් සහ ප්‍රංශ ජාතිකයින් 7,732ක් ද ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *