ජනපති සහ අමෙරිකානු වෙළෙඳ නියෝජිත කාර්යාලයේ තානාපති අතර Online සාකච්ඡාවක්.!

එක්සත් ජනපදය විසින් මෙරට අපනයන මත පනවනු ලැබූ තීරුබදු අඩු කර ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලයේ (USTR) තානාපති ජේමිසන් ග්‍රියර් මහතා අතර මාර්ගගත සාකච්ඡාවක් පවත්වා තිබේ.

ඒ ඊයේ (25) පස්වරුවේය.

මෙරටට පනවා ඇති තීරුබදු අඩු කර ගැනීම සහ දෙරට අතර වෙළෙඳ සහ ආයෝජන සබඳතා වර්ධනය කර ගැනීම මෙම සාකච්ඡාවේ මූලික අරමුණ වී ඇත.

මෙම මාර්ගගත සාකච්ඡාව සඳහා මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සහ එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලයේ (USTR) නිලධාරීහුද සම්බන්ධ වූහ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *