රෝහිතගේ බෑනා රිමාන්ඩ්.!

අත්අඩංගුවට ගනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ බෑනා වන ධනුෂ්ක වීරක්කොඩි එළැඹෙන අගෝස්තු 1වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

ව්‍යාජ දත්ත ඇතුළත්කර ලියාපදිංචි කරන ලද ජීප් රථ ගණුදෙනුවකට අදාළව සිදුකරන විමර්ශනයකට අදාළව ඔහු අද (24) මතුගම අධිකරණය වෙත භාර විය.

මේ අතර ආන්දෝලනාත්මක මෙම ජීප් රථ ගණුදෙනුවට අදාළවම අත්අඩංගුවට ගෙන සිටි සමගි ජනබලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාගේ පුත්‍රයා වන රසික විතාන මහතා ඇප මත මුදාහැර තිබේ.

ඒ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මතය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *