හිටපු LTTE සාමාජිකයෙක් T-56 ගිනිඅවියක් සමග අත්අඩංගුවට.!

පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී T 56 ගිනිඅවියක් සමග පුද්ගලයෙක් පෑලියගොඩ ප්‍රදේශයේදී කිරිබත්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ සැකකරු ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදී එලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සන්තකයේ තිබී T 56 ගිනිඅවියක්, එම පතරොම් 30ක් සහිත පතරොම් ගැබක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 560ක් සොයාගෙන ඇත.

මෙම සැකකරු අවුරුදු 30ක් වන යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු හිටපු LTTE සාමාජිකයෙකු වන අතර ඔහු පසුව හමුදාව විසින් පුනරුත්ථාපනය කර ඇති බව වාර්තා වේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *