සියලුම පළාත් පාලන ආයතනවල කාර්ය මණ්ඩල සමාලෝචනයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ උපදේශක කාරක සභාව පසුගියදා රැස්වූ අවස්ථාවේදී මේ බව අනාවරණ වී තිබේ.
අමාත්‍ය ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී එම කාරක සභාව රැස්ව ඇති අතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සහ පළාත් පාලන ආයතනවල පවතින පුරප්පාඩු පිළිබඳව ද එහිදී සාකච්ඡා කර තිබේ.
එහිදී අනාවරණ වී ඇත්තේ පසුගිය වසරේ පළාත් පාලන ආයතනවල සේවක සේවිකාවන් 8,435ක් සේවයේ ස්ථීර කර ඇති බවයි.
ප්‍රතිචාරයක් ලබාදෙන්න