යෝජිත ඇමෙරිකානු තීරු බදු සම්බන්ධයෙන් ඇමෙරිකානු වෙළෙඳ නියෝජිත ආයතනය සහ ශ්‍රී ලංකාවේ නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡාවක්.!

ඇමෙරිකාව විසින් යෝජනා කරනු ලැබූ තීරු බදු අඩු කර ගැනීම සඳහා අඛණ්ඩ සාකච්ඡා පැවැත්වීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ අනුව අද දිනයේ දී ඇමෙරිකානු වෙළෙඳ නියෝජිත ආයතනය සමග ශ්‍රී ලංකාවේ නියෝජිතයන් සාකච්ඡා පවත්වනු ඇත.

දෙරට අතර වෙළඳ හා ආයෝජන සබඳතා ප්‍රවර්ධනය කර ගැනීම සඳහා මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සහ අදාළ රාජ්‍ය නිලධාරීන් මාර්ගගත ක්‍රමය ඔස්සේ මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *