රොටුඹ උපාලිගෙන් ප්‍රශ්න කිරීමට දින 7ක රැඳවුම් නියෝග.!

ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගැනීමෙන් පසු මෙරටට රැගෙන ආ රොටුඹ උපාලි නමැති සැකකරු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබාගත් බව පොලීසිය පවසයි.

ඒ, සැකකරුව මාතර මහේස්ත්‍රාත් නිල නිවසේදී මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

රොටුඹ උපාලි නමැති 39 හැවිරිදි සැකකරු මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට රැගෙන ඒමෙන් පසු මෙලෙස රැඳවුම් නියෝග ලබාගෙන තිබේ.

ඒ අනුව සැකකරුව දින 07ක රැඳවුම් නියෝග මත තිහගොඩ පොලිස් ස්ථානයේ රඳවා තැබීමට අවසර හිමිවී ඇත.

සැකකරුට විරුද්ධව ඇති චෝදනා වන්නේ 2008.04.16 දින ජාසිං අරච්චිගේ බුද්ධික රංග කුමාර යන අයට වෙඩිතබා මනුෂ්‍ය ඝාතනය සිදු කිරීම, ඌරුබොක්ක පොලිස් වසමේදී වයස අවුරුදු 15යි මාස 03 වයසැති බාලවයස්කාර දැරියක් නීත්‍යානුකුල බලහත්කාරයෙන් අපහරණය කර ස්ත්‍රි දූෂනය කිරීම, 2008.10.01 වන දින ඌරුමුත්ත ප්‍රදේශයේදී කඩුවකින් සහ කැත්තකින් පහරදී මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම යන චෝදනා බවත් වාර්තා වේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *