මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කරන්න ආණ්ඩුවේ එකඟතාව.!

මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීම පිළිබඳ ආණ්ඩුවේ සියලු මන්ත්‍රීවරුන් එකඟතාව පළකරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සඳහන් කළාය.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක විසින් මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීම පිලිබඳ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඊයේ (07) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව සඳහන් කළාය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වු අග්‍රාමාත්‍යවරිය මෙසේ පැවැසුවාය.

“පාර්ලිමේන්තු වරප්‍රසාද අඩු කිරීම ගැන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් නතර කිරීම පිලිබඳව අපි කථා කළේ 2001 පමණ ඉදලා. මම සතුටු වෙනවා විපක්ෂයේ මන්ත්‍රීවරයෙක්ම අද ඒ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ එකට, අපි මන්ත්‍රීවරු සියළු දෙනාම මේ යෝජනාවට එකඟතාවය පළ කරනවා. නමුත් මම කනගාටු වෙනවා. සියළු දෙනාම එකඟ වියයුතු යෝජනාවකදී වත් විපක්ෂයේ සමහර මන්ත්‍රීවරු එකඟ නෑ ඒ සංස්කෘතිය වෙනස් වෙනවට. විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් කළ යෝජනාවට පක්ෂව කතා නොකර වෙනත් මාතෘකා පිළිබඳව තවමත් ඒ මන්ත්‍රීවරු කතා කරනවා.“

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *