සම්බාහන මධ්‍යස්ථානයකට ගොස් යකා නැටූ SIලාගේ වැඩ තහනම් කරයි.!

මාතර කොට්ඨාශයේ පොලිස් ස්ථානවලට අනුයුක්තව සේවය කළ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනමට ලක් කර තිබේ.

මාතර කොට්ඨාශයේ වැඩ බලන පොලිස් අධිකාරිවරයා විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

මෙම නිලධාරීන් තිදෙනා මාතර වල්ගම ප්‍රදේශයේ පිහිටි සම්බාහන මධ්‍යස්ථානයක් වෙත ගොස් එහි කළමණාකාරවරිය සමග උණුසුම් වචන හුවමාරුවක් ඇති කරගෙන ඇති අතර පසුව එහි සේවය නොමිලේ ලබා ගැනීමට උත්සහ දරා තිබේ.

මේ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත සිදු කළ පරීක්ෂණයකදී අදාළ නිලධාරීන් තිදෙනා එම චෝදනාවට වැරදිකරුවන් බවට පත්ව ඇත.

ඒ අනුව පොලීසියේ විනය පවත්වා ගැනිමට හානිවන අයුරින් හැසිරීම, පොලිස් නිලධාරියෙකු ලෙස තම නිලය පෞද්ගලික ප්‍රයෝජනය සඳහා යොදා ගැනීම යන වැරදි මත අපකීර්තිදායක හැසිරීම හා දුෂිත ක්‍රියා යන චෝදනා හේතුවෙන් අදාළ නිලධාරීන්ට මෙම නියෝග නිකුත් කෙරිණි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *