හම්බන්තොට කුරුළු උද්‍යානයේ හිමිකරු අත්අඩංගුවට ගෙන තිබේ.
නීතිවිරෝධී අධි ධාරිතාවකින් යුත් යතුරුපැදි සිද්ධියට අදාළව ඔහු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 52ක පුද්ගලයෙක්.
නීතිවිරෝධීව ගෙන්වා තිබූ අධි ධාරිතාවකින් යුත් යතුරු පැදි 21ක් හම්බන්තොට කුරුළු උද්‍යානයේ ගබඩාවක් තුළ තිබී පොලිසිය විසින් පසුගිය සතියේ සොයා ගැණිනි.
අදාළ උද්‍යානයේ කළමණාකරුවෙක් සහ ගබඩා භාරකරු ද මෙහිදී අත්අඩංගුවට ගෙන තිබේ.



ප්‍රතිචාරයක් ලබාදෙන්න