මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසල පෙරහර මංගල්‍යය මේ මස 25 වන දින සිට ආරම්භ කිරීමට නියමිතව තිබේ.
ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සඳහන් කළේ ජුලි මස 25වන දින කප් සිටුවීමෙන් මෙවර පෙරහර මංගල්‍යයේ කටයුතු ආරම්භ කිරීමට නියමිත බවය.
ජුලි මස 30වනදා සිට දින 10ක කාලයක් කුඹල් පෙරහැර සහ රන්දෝලි පෙරහර වීථි සංචාරය කිරීමට නියමිතව තිබේ.
කෙසේ වුවද, පෙරහර සඳහා අලි ඇතුන් ප්‍රමාණවත් පරිදි නොමැති වීම ප්‍රධාන ගැටලුවක් වී ඇති බව ප්‍රදීප් නිලංග දෑල මහතා සඳහන් කරයි.



ප්‍රතිචාරයක් ලබාදෙන්න