ජාතික පශු සම්පත් ක්ෂේත්‍රය සංවර්ධනයට සමගාමීව දේශීය කිරි කර්මාන්තය දියුණු කිරීම සඳහා නව පස් අවුරුදු සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය සැලසුම් කර ඇත.
‘කිරි ඉතිරෙන රටක් (DAIRY HUB) තේමාව යටතේ ආරම්භ කෙරෙන මෙම වැඩපිළිවෙළ මඟින් මෙරටේ දෛනික කිරි නිෂ්පාදනය වන ලීටර ලක්ෂ 10ක ප්‍රමාණය ලීටර ලක්ෂ 30 දක්වා වැඩි කිරීමට සැලසුම් කර ඇත.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි පශු වෛද්‍ය කොට්ඨාස 337ක් තුළ මේ පස් අවුරුදු සැලැසුම ක්‍රියාත්මක කිරීමට නියමිතය. මෙහි මුල් පියවර යටතේ කිරි නිෂ්පාදනයේ අගය වර්ධනයට ක්ෂේත්‍ර මධ්‍යස්ථාන ගොඩනැංවීම ආරම්භ කිරීම මෙම 20 වැනිදා අනුරාධපුරයෙන් ආරම්භ කෙරේ.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය සහ ඒ අනුබද්ධ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මේ සඳහා පූර්ණ දායකන්වයක් සපයයි. මේ පිළිබදව දැනුම්වත් කිරීමේ මාධ්‍ය හමුවක් ඊයේ (14) කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න, ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය ඇමැති වෛද්‍ය සුසිල් රණසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැත්විණි.



ප්‍රතිචාරයක් ලබාදෙන්න